Breaking News

Thursday, August 22, 2013

මෙන්න Laptop use කරන අයට නියම භාණ්යක් - Battery Care

         

         මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයට download  කර ගැනීම මගින් ඔබගේ පරිගණකයේ බැටරි‍යේ යම්
වැරද්දක් ඇත්නම් එය පෙන්වා දෙමින් බැටරියේ තත්වය හොඳින් රැක ගනිමින කාර්යක්ෂමව බැටරියෙන්
වැඩ ගැනීමට උපකාරී වන මෘදුකාංගයකි

වැඩි කතා ඔන නෑනෙ බාගෙම බලන්න‍කො...........

මේ මෘදුකාංගය batterycare.net වෙබ් අඩවියට පිසිස නොමිලේ බා ගැනීමට පුළුවන........

ඒත් එකට කම්මැලි නම් පහල කරලා බාගන්න..........



Read more ...


LCD සහ LED Monitor අතර වෙනස.



           පරිගණකයත් සමග මුල් කාලයේ පැවති එකම මොනිටර් වර්ගය 

වූයේ CRT (Cathode Ray Tube) මොනිටරයන්ය.නමුත්  පසුකාලීනව LCD (Liquid Crystal Display) මොනිටර පැමිණීමත් සමග එය වෙනස් විය.මේ වන විට එයද වෙනස්වී LED (Light Emitting Diode) මොනිටර පැමිණ ඇත.

මොකක්ද මේ LED කියන්නේ සහ LCD සහ LED අතර වෙනස මෙම ලිපිය තුලින් දැනගන්න පුළුවන්.

LCD සහ LED මොනිටර් දෙකෙහිම තාක්ෂණයන් එකම වන නමුත් LCD
සහ LED තිර ආලෝකමත් කිරීමට යොදාගන්නා තාක්ෂණයන් අනුව LCD සහ LED මොනිටරයන් වෙනස් වේ. LCD සහ LED මොනිටර් අතර ප්‍රධානම වෙනස වන්නේ Backlight (පසු ආලෝකන) තාක්ෂණයන් වල වෙනස්කමයි. LCD මොනිටරයන් වල පසු ආලෝකනය සදහා භාවිතා වන්නේ Cold Cathode Fluorescent Lamp (ශීත කැතෝඩ ප්‍රතිදීප්ත පහන්) ය. LED මොනිටරයන් වල මේ සදහා භාවිතා වන්නේ Light Emitting Diode 
(ආලෝකය විහිදුවන ඩයෝඩ) යි. LCD මොනිටර වලදී තිරය ආලෝකමත් කරනුයේ ප්‍රතිදීප්ත පහන් පහන්

 වලින් නිකුත් වන කැතෝඩ කිරණ මගින් නිර්මාණය කරන වර්ණ 

Polarized Liquid Crystals [ ධ්‍රැවිත ද්‍රව ස්ඵටික ] තුලින් යැවීම 

මගිනි.

LED මොනිටර වලදී සිදුවන්නේ LED භාවිතයෙන් පසු ආලෝකනය 

කිරීමයි.මෙසේ සිදුවන අලෝකකරණයේ ආලෝකයේ Dynamic 

Contrast Ratio [ ගතීක වෙනසේ අනුපාතය ] අගය වැඩිවීමත් LED 

භාවිතයේදී ශ්‍රේණිගත තීවතාව වැඩි නිසා තියුනුව නිවැරදිම වර්ණයන් 

දර්ශණය කලහැකිය.

LED මොනිටර් වලදී භාවිතා වන පසු ආලෝකන වර්ග දෙකක් 

ඇත.RGB Dynamic LED සහ Edge LED එම දෙවර්ගයයි.


RGB Dynamic LED වර්ගයේදී තිරය පිටුපසින් LED යොදා ඇත.

Edge LED වර්ගයේදී LED තිරය වටා සවිකර ඇත.මේ හේතුවෙන්ම 

LED තිරයන් LCD තිරයන්ට වඩා බෙහෙවින් සිහින්ව නිපදවිය හැකිය.

එමෙන්ම LED මොනිටරයන් වල තවත් එක් වාසියක් වන්නේ LED 

මොනිටර්වලට LCD මොනිටරයන්ටත් වඩා 40% ක් අඩු විදුලියක් වැය 

වීමයි.

LED මොනිටරයන් වල ඇති තවත් එක් වාසියක් වන්නේ බොහෝ 

වේලාවක් පරිගණකය භවිතා කරන්නන්ගේ ඇස් වල ඇතිවන 

අපහසුතාවන් LED මොනිටර් වලදී ඇති නොවීමයි.

කෙසේ නමුත් LED වල ඇති එක් අඩුපාඩුවක් වන්නේ LED මොනිටර් 

නිශ්පාදනයට අධික මිළක් වැයවීමයි.මේ හේතුවෙන් වෙළදපලේ LED 

මොනිටරයක් අධික මිලක් වේ.නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස් 

වනු ඇත.  


( උපුටා ගන්නා ලද්දකි.කිසිදු වෙනස් කිරීමකින් තොරව 

පළකර ඇත
Read more ...
Designed By Blogger Templates