Breaking News

Wednesday, November 28, 2012

අහෙස් තරු රටා නම් කලේ කව්ද?

අහසේ තරැ රටා නම් කලේ කව්ද?




තාරකා විද්‍යාව කියන්නේ බොහෝම ඉපැරැණි විෂයයක්. රාති‍්‍ර අහසේ ඇ‍‍ඳෙන තාරකා ආශ‍්‍රයෙන් විවිධ රටා මතුකර ගෙන ඒ හා සබැඳි කතාන්දර ගෙතීමටත්, මඟ සලකුණු ලෙස මේ තරු රටා යොදා ගැනීමටත් අතීත මිනිසා පුරුදු වී සිටියා. අද අප හොඳින් දන්නා දඩයක්කාරයා, මේෂ රාශිය, වෘශ්චික ආදි වූ තරු රටා බිහිවුණේ එහි ප‍්‍රතිඵලයක් ලෙසින්. ලෝකයේ සෑම තැනකට ම මේ තරු රටා සියල්ල ම එක ලෙස දිස්වන්නේ නැහැ. එසේ නම් අද අප අහසේ දකින තරු රටා අතීතයේදී නම් කළේ කවුරුන්ද?  ලොස් ඇන්ජලීස් හි ගි‍්‍රෆිත් ආකාශ වස්තු පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂක තාරකා හා භෞතික විද්‍යාඥ එඩ්වින් සී. කෲප් මේ ගැටලුවට පිළිතුරු සපයනවා.

ලෝකයේ එක් එක් ප‍්‍රදේශවල සිටි මිනිසුන් තමාට පෙනෙන තරු ආශ‍්‍රයෙන් විවිධ රටා මවා ගැනීමටත්, ඒවාට අනුරූප කතා ගෙතීමටත් පුරුදුව සිටි අතර ආගමික උත්සව යෙදෙන කාල වකවානු හඳුනා ගැනීමට පමණක් නොව වසරේ ඍතු චක‍්‍රය හඳුනා ගැනීමට පවා ඔවුන් එම තරු රටා උපයෝගී කරගත්තා. කෙසේවුවත් අද අප අතර ප‍්‍රචලිත මේෂ රාශිය හෙවත් බැටළුවා හා ඔරායන් හෙවත් දඩයක්කාරයා යන තරු රටා ලොවට බිහි වී ඇත්තේ ගී‍්‍රකයන් අතිනුයි. මේ තරු රටා පිළිබඳ අතීත ම මුලාශ‍්‍ර සටහන් ඇත්තේ ගී‍්‍රකයන් අතර නිසා මේ බව අපට පැහැදිලි වෙනවා. පුරාණ ගී‍්‍රක තරු රටා පිළිබඳව තොරතුරු බොහොමයක් ලොවට හෙළි වූයේ
කි‍්‍ර. පූ. 270 දී පමණ ඇරටස් නම් කවියා විසින් රචිත ’ආශ්චර්යය’නම් පද්‍යය ආශ‍්‍රයෙන්.
කි‍්‍ර. පූ. 2500 ත් 2000 ත් අතර කාලයේදී මෙසපොටේමියාවේ සුමේරියන්වරුන්් අතින් බිහිවූ වෘෂභ රාශිය හා වෘශ්චික හෙවත් ගෝනුස්සා තරු රටා ද අද අප අතර බොහෝ ප‍්‍රචලිතයි. එහෙත් මහ වලසා තරු රටාව දැනට සොයා නොගත් මාර්ගයන් ඔස්සේ ගී‍්‍රසිය තුල ප‍්‍රචලිත වුව ද එය මෙසපොටේමියාවේ හෝ ගී‍්‍රසියේ උපත ලද්දක් නොවෙයි.පෘථිවියේ දකුණු අර්ධගෝලයේ සිටින මිනිසුන්ද තම ප‍්‍රදේශවලට ආවේණික වූ තරු රටා නිර්මාණය කර ගත්තත් ඒවා පිළිබඳ තොරතුරු, යුරෝපීය ආකාශ සිතියම්වලට ඇතුළත් වී නැහැ. එසේ වුවත් කි‍්‍ර. ව. 1500 හා 1700 අතර කාලයේදී දකුණු දිග අහසේ තරු රටා ලෙස මොණර තරු රටාව හා පියාඹන මත්ස්‍යයා තරු රටාව වැනි රටා හඳුනාගන්නට යුරෝපීය ගවේෂකයන්ට සිතියම් නිර්මාණකරුවන්ට හා තාරකා විද්‍යාඥයන්ට හැකිවුණා. මේවා උතුරු අර්ධගෝලයේදී දැකිය නොහැකි තරු රටා නිසා පසුකාලයකදී යුරෝපීය ආකාශ සිතියම්වලට ඇතුළත් කෙරුණු බවයි සඳහන් වන්නේ.අද අප හඳුනාගෙන ඇති තරු රටා 88 පිළිබඳව සම්පූර්ණයෙන් තහවුරු කර පිළිගන්නා ලද්දේ 1922 දී පැවැත්වූ අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ රැස්වීමකදීයි. එදා අතීත මිනිසාගේ ඇසින් හා සිතින් මැවුණු සුන්දර කතාවස්තුවලට පාදක වූ තාරකා රටා අද තාරකා විද්‍යාඥයන්ගේ ආකාශ සිතියම්වලට ප‍්‍රධාන තැනක් ගැනීමටත් විශ්ව ගවේෂණය සඳහා මහත් රුකුලක් සැපයීමටත් සමත් වෙලා.

ඩිස්කවර් ඇසුරිනි

No comments:

Post a Comment

Designed By Blogger Templates