Breaking News

Friday, November 23, 2012

 

මහා පිපුරුම් වාදය

              මෙතෙක් බිහිවූ විද්‍යාඥයන් සියලුම දෙනා  තාරකා පිලිබදව මත පලකලේත් විවිධ තීරණ වලට පැමිණියේත් දුරේක්ෂය සහ වර්නාවලිමානය භාවිතා  කරමිනුයි. ඒත් එයට  වැඩි දෙයක් හොයාගන්න විද්‍යාඥයන්ට උවමනා වුනා. ඒත් ඒ සදහා ග්‍රහ ලෝක  වලට යන්න ඕනේ බව කාටත් වැටහුනා .මෙ පිලිබදව ගොඩක් පරීක්ෂණ සිදුකළා. ඒ අනුව අදියර කීපයක් යටතේ අභ්‍යවකාශ යානා පිලිබදව මුල්ම සිද්ධාන්තය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවන්නේ   “සිඔල්කෝ විස්කි” නම් විද්‍යාඥයාට.1895 දී. මෙහිදී ඔහුගේ විශිෂ්ටතම සොයා ගැනීම වන්නේ රික්තයක් තුලින් වුවද ගමන් කලහැකි රොකට්ටුවකි, ක්‍රි.‍ව 1905 දී අපි කව්රුත් දන්නා ජර්මන් ජාතික ඇල්බට්‍ අයින්ස්ටයින් විසින් තාරකා විද්‍යාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සාපේක්ෂතා වාදය ඉදිරිපත්කලා. අවකාශ කාලය අලලා සිදුකල මෙය තාරකා විද්‍යාවට සමීප දෙයක්. තවද  e=mc2   යන ප්‍රසිද්ධ සමීකරණය මගින්  ශක්තිය හා ස්කන්දය අතර සම්බදතාවක් පෙන්වා දුන්නා. සාපේක්ෂතා වාදය හේතුවෙන් බිහිවූවක් ලෙස සැලකෙන මෙම සමීකරණය මගින් යම් කාලයක ජීව කාලය සොයාගැනීමට පුළුවන්.


               අපි කවුරුත් දන්නා  විදියට අයින්ස්ටයින් ගණිතයට බොහෝසෙයින් සම්බන්ද පුද්දගලයෙක්. නමූත් ඔහු තාරකා විද්‍යාව සම්බන්දවත් ප්‍රබල මත ඉදිරිපත් කර තිබෙනවා. තරුවක් නිශ්චිත ප්‍රමාණයට වඩ කුඩා වූ විට එහි ගුරුතවාකර්ශන බලය දෙගුණ තෙගුණ වෙන බවත් එවිට ඒ ලගින් ගමන්කරන තරුවකට හෝ ආලෝක කිරනයකටවත් එයින් ගැලවී යා නොහැකි බවත් ප්‍රකාශ කල අයින්ස්ටයින් හා කාල් ශ්වොස්විල්ඩ් සපෙක්ෂවාදය ඇසුරු කරගෙන මතයක් ගොඩ නැගුවා. මෙය කළු කුහර  (black hole)  ලෙස හදුනනවා දුන් මොවුන් ආලෝකය එය දෙසට ඇදගන්න නිසා ඒවා දැකිය නොහැකි ලෙසත් පෙන්වාදුන්නා. ක්‍රි.ව 1926 දී රොකට්ටුවක් නිර්මාණය කර ගුවන් ගත කිරීම සිදු කෙරුණා. මෙම රොකට්ටුව රික්තයකදී වුවත් ගමන් කළහැකි වු අතරම මෙයට ද්‍රව ඉන්දන යොදා ගත්තා. රොබට් ගොඩාඩ් විසින් සෑදු මෙම රොකට්ටුවට ශබ්දයේ වේගයට වැඩ වැඩි වේගයකින් ගමන කිරීමට පුළුවන්. වර්තමන් රොකට් සදහාද මෙමෙ සංකල්පයම යොදාගැනීම එය කොතරම් සාර්ථකද යන්නට හොදම උදාහරණයක්. ක්‍රි.ව 1929 යනු තාරක  විද්‍යාවේ ඉතා වැදගත් වර්ෂයකි. පෘතුවියේ හා විශ්වයේ ආරම්භය පිලිබදව වැදගත් මතයක් හා කරුණක් මෙම වර්ෂය තුල ඇතිවිය. චක්‍රාවාට එකින් එක ඈතට යන බවත් විශ්වය ප්‍රසාරණය වන බවත් ඈතින් ඇති චක්‍රාවාට ඉතා  වේගයෙන් අපෙන් ඉවතට යන බවත් එඩ්වල් පවල් හබල් නම් විද්‍යාඥයා විසින් සොයාගත්තේය. එය හබල් නියතය ලෙස ලොවට හදුන්වදුනි. හබල් විසින් වර්ණාවලිය භාවිතා කර තව දුරටත් කරුණු සෙවූ අතර විශ්වයේ ආයු කාලය වසර බිලියන 15 පමණ වේ යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කලා, මෙම සොයාගැනීම් වලින් වසර 2 කට පසු පොර්ජස් ලෙමයිටේ නම විද්‍යාඥයා විසින් විශ්වය  ප්‍රසාරණය වෙනවා නම් මෙහි ආරම්භය මහා විශාල පිපුරුමක් බව පෙන්වාදුන්නා. ඒ ඇසුරෙන් ගොඩනැගුන “ මහා පිපිරුම් වාදය” අදටත් ලෝකයේ උපත ලෙස පිළිගන්න ප්‍රබල කරුණක්.


             1930 දී ප්ලුටෝ ග්‍රහය සොයා ගත්තා. නමුත් අද වෙන විට එය ග්‍රහලොවක් ලෙස පිලි නොගන්න බව ඔයාල හැමෝම දන්නවා ඇති. ඒ ප්ලුටෝගේ උපග්‍රහයන් ඊටත් වඩා ලොකුවීම වැනි කරුණු නිසයි. ක්‍රි.ව 1932 දී කාල් ජැක්සන් විසින් රේඩියෝ  තරංග සොයා ගත්  අතර අභ්‍යවකාශයේ සිට පැමිණුන රේඩියෝ තරංග මුල්ම වරට හදුනා ගෙන ඇත්තේ මොහු විසිනුයි. 1948 දී ලොව විශාලම හේල් දුරේක්ෂය නිපදවූවා. මෙහි දර්පනය මීටර් 5.1 ක විෂ්කම්බයකින් යුක්ත අතර මෙහි උස මීටර් 1713 ක්. ඔන්න ඔය විදියට තමයි ක්‍රි පු 1500 දී පමණ ආරම්භ  වුන තාරකා විද්‍යාව විකාශනය සිදු වුනේ. ඊලග විශේෂම සිදුවීම තමයි. මිනිසාගේ මුල්ම සද ගමන.ඒ සදගමත් එයින් ඇතිවුන පිටසක්වල මතයනුත් ලෝකයම කලබන සිදුවීම් පෙළක්. දිනෙන් දින දියුණුවෙන. පැරණි මත බොරු වෙන, විද්‍යාව විශ්වය ජයගනීද ???                   

No comments:

Post a Comment

Designed By Blogger Templates