Breaking News

Wednesday, January 2, 2013

MotherBoard වල තිබෙන විවිධ ප්‍රොසෙසර් සොකට් වර්ග



මෙහිදී මම දැනට භාවිතා වන Intel ප්‍රොසෙසර් සොකට් වර්ග ගැන පමණක් සඳහන් කරන්නම්........



  •  LGA 775




මෙය 2004 වසරේදී හඳුන්වාදුන් අතර අලුත් LGA තාක්ෂණයෙන් හඳුන්වාදුන් මුල්ම සොකට් එකයි.
මෙහි පැරණි ප්‍රොසෙසර් වල මෙන් තුඩු නැත.
මෙයට  LGA තාක්ෂණයෙන් නිපද වූ
Intel Pentium 4, Intel Pentium D, Intel Celeron,
Intel Pentium XE, Intel Core2 Duo, Intel Xeon
යන ප්‍රොසෙසර් සම්බන්ද කල හැක.



         
  • LGA 771
                                                                              
 




2006 වසරේ හඳුන්වාදුන් මෙම සොකට් වර්ගයට සවිකල හැක්කේ සර්වර් පරිගණක සඳහා තැනූ
LGA තාක්ෂණයෙන් තැනූ Intel Xeon ප්‍රොසෙසර්
සඳහා පමණි.








  • LGA 1156
                                                                         



 2009 වසරේ දී හඳුන්වාදුන් මෙම සොකට් එකට
අලුත්ම ඉන්ටෙල් ප්‍රොසෙසර් වන
Intel Core i7 (800 Series),  Intel Core i5 (700 Series),  Intel Core i3 (500 Series),  Intel Xeon (X3400, L3400),  Intel Pentium (G6000 Series)
Intel Celeron (G1000 Series) යන LGA තාක්ෂණයෙන් යුත් ප්‍රොසෙසර් සම්බන්ද කිරීමට යොදාගනී. තවද LGA 1366 සොකට් එක Intel Core i7 (900 Series) සම්බන්ධ කිරීමට යොදාගනී.





  • LGA 1248







2010 වර්ශයේ නිපදවූ මෙම සොකට් වර්ගය
සර්වර් පරිගණක සඳහා සැකසූ Intel Itanium 9300 Series කාණ්ඩයේ ප්‍රොසෙසර් සම්බන්ධ කිරීමට
යොදාගනී. මීට අමතරව  LGA 1576 ප්‍රොසෙසර් සොකට්
එක Intel Xeon 6500/7500 Series  ප්‍රොසෙසර් සම්බන්ධ කිරීමට යොදාගනී.






  • LGA 1115





     2011 වර්ශයේ නිපදවූ මෙම සොකට් එක
    අලුත්ම Intel  Sandy Bridge DT ප්‍රොසෙසර්
    සම්බන්ධ කිරීමට යොදාගනී.














    No comments:

    Post a Comment

    Designed By Blogger Templates