Breaking News

Friday, November 23, 2012

පෘතුවියෙ උපත

          කෙළවරක් නොපෙනෙන මේ මහා විශ්වයේ අපේ නිවහන වන්නේ පෘථිවියයි. මනුෂ්‍ය අපට පමණක් නොවේ, තවත් ජීව විශේෂ ගණනාවකගේත් නිවහන වන්නේ පෘථිවියයි. අප මේ පෘථිවියෙහි පහළ වූයේ කෙසේ ද? පෘථිවිය ඇතුළු අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ විවිධ මතවාද කිහිපයක් ඇත. ඒ අතුරින් වඩාත් පිළිගැනීමට ලක් වූ මතය වන්නේ ‘නීහාරිකා න්‍යායයි’. ඒ අනුව වායු හා දූවිලිවලින් පිරුණු විශාල නීහාරිකාවක් (Nebula) ඝනීභවනයට පත්වීමෙන් සූර්යයා, ග‍්‍රහලෝක සහ ඒවායේ උප ග‍්‍රහයන් නිර්මාණය වූ බවයි. පෘථිවියේ ජීවය පහළ වූ අයුරු නිශ්චිත ව ප‍්‍රකාශ කිරීමට ජීව විද්‍යාඥයන්ට නොහැකි වුනත් ජීව විශේෂ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් විසින් න්‍යායයන් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් වඩාත් පිළිගැනීමට ලක්වන්නේ මහා පිපිරුමත් පරිණාමයත් ගැන ඇති න්‍යායයන්ය. ජීව විද්‍යාඥයන් විසින් ජීවයේ ආරම්භය හා විකසනය වූ අයුරු ගැනත් ඉදිරියට ජීවයේ සිදුවිය හැකි යම් යම් වෙනස්කම් පිළිබඳවත් කරුණු කාරණා හා අදහස් උදහස් පළ කර තිබේ.
 
 
 මහා පිපිරුම
න්‍යායයන්ට අනුව අවුරුදු බිලියන 15 කට පෙර විශ්වය කුඩා අංශු සමූහයක් පමණක් විය. මෙය පුංචි ඇණයක හිසක් තරම් කුඩාය. විශ්වයේ ඇති සියලූම දේ එනම් සියලූම මන්දාකිණි, තරු, ග‍්‍රහලෝක පමණක් නොවේ අපේ සිරුරු තැනී ඇති පදාර්ථ පවා මේ පුංචි අංශු සමූහයේ සිරවී තිබිණි. කාලාන්තරයක් ගතවෙද්දී මේ අංශු සමූහය පුපුරා ගියේය. මෙය ‘මහා පිපිරුම’ (Big Bang) ලෙස සැලකේ. එහිදී නිකුත් වූ සිතාගන්න බැරි තරමේ අධික තාපයත් බලයත් හේතුවෙන් විශ්වය නිර්මාණය විය. තවත් වසර බිලියන ගණනකට පසු අද අපට දකින්න ලැබෙන විශ්වය නිර්මාණය විය. සෙමින් සෙමින් තරු සහ ග‍්‍රහලෝක නිර්මාණය විය. විශ්වය ඇති වූයේ දැවැන්ත ඝන වස්තුවක් මහා පිපිරුමකට ලක් වීමෙනැයි මතය ලොවට හෙළි කළේ 1931 දී බෙල්ජියන් තාරකා විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි (1894-1966) විසිනි. එය 1950 දී තහවුරු කළ බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයකු වූ ෆ්‍රෙඞ් හොයිල් විසින්  ‘බිග් බෑන්’ ලෙස නම් කළේය.
 
 
පෘථුවිය නිර්මාණය වූ හැටි
මේ අතර ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණිය මැද මධ්‍යම ප‍්‍රමාණයේ කහපැහැති තරුවක් නිර්මාණය විණි. මේ අපේ සූර්යයායි. ඒ වටා ග‍්‍රහලෝක නිර්මාණය විය. මෙම ග‍්‍රහලෝක අතර සූර්යයාගේ සිට තෙවන ස්ථානයේ කුඩා පාෂාණමය ග‍්‍රහලොවක් බිහිවූ අතර මෙය අපේ පෘථිවියයි.
 
 
පෘථිවියේ ආරම්භක අවධිය
දැනට සොයා ගෙන ඇති අන්දමට පෘථිවියේ වයස වසර මිලියන 4,700 ක් (බිලියන 4.7 ක්) පමණ වේ. ඒ කාලයේ අපේ පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ලස්සන නිල් අහසක්, සාගරවත් හා හරිත වර්ණයෙන් සමන්විත ගහකොළ එදා නොතිබිණි. එදා දකින්න තිබුණේ රතු සහ තැඹිලි වර්ණයන් පමණක් විය හැක. ඊට හේතුව පෘථිවි පෘෂ්ඨය වැසී තිබුණේ උණු ලාවා සාගරවලින් වීමයි. ආදි යුගයේ පෘථිවි වායුගෝලය අද පවතින වායුගෝලයට වඩා බෙහෙවින් සරල වූවක් විය. එහි ඔක්සිජන් රහිත විය. වායුගෝලය විෂ වායුවල මිශ‍්‍රණයක් විය.

මතුපිට සිදුවූ වෙනස්කම්
පළමු වසර මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් පමණක් විය. තවත් වසර මිලියන 300 ක් ගත වෙද්දී තාපය කොතරම් ප‍්‍රබල වී ද කීවොත් දියර දියරමය තත්වයෙන් පැවතිය නොහැකි තත්වයක් උදාවිණි. සිතාගන්නවත් බැරි තරමේ මිලියන 800 ක් තරම් දීර්ඝ කාලයකට පසු වසර බිලියන ගණනක් උණු වූ ලෝහ සහ පාෂාණ ආදී ද්‍රව්‍ය සහිත ගිනි බෝලයක් මෙන් සූර්යයා වටා භ‍්‍රමණය වෙමින් තිබූ පෘථිවියේ පෘෂ්ඨය ක‍්‍රමයෙන් නිවී සිසිල් විය. ඉන්පසු දියර දියර තත්වයෙන් පැවතිය හැකි විණි. හැම තැනකටම වැසි ඇදහැළෙන්න පටන් ගැනින. වසර මිලියන ගණනාවක් පුරා නොකඩවා ඇද හැළුණු අනෝරා වැසිවලින් පෘථිවියේ පහළ ප‍්‍රදේශ ජලයෙන් පිරී මුහුදු හා විල් පොකුණු නිර්මාණය විය.
 
 
පෘථිවියේ ජීවය පහළ වීම ඇරඹේ ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගණනාවක් පුරා මෙසේ ජලයේ විසිරී පැවතිණි. ඒවායින් පළමු සෛල නිර්මාණය වූයේ අකුණු සැර වැදීම් හේතුවෙන් යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. මෙම ෙසෙල පසුව සත්ව හා ශාක ෙසෙල බවට පත්විණ. මුලින්ම ජීවය පහළ වූයේ මුහුදෙනි. ඒ වසර බිලියන ගණනකට පෙරයි. මනුෂ්‍යයා පහළ වීමට පෙර මුලින් ම බිහිවූයේ ක්ෂුද්‍රජීවී ශාකයි. මේවා දැකගත හැක්කේ අන්වීක්ෂයක් හරහා පමණි. මේ ක්ෂුද්‍ර ශාක එකිනෙකා ආහාරයට ගත්හ. මුලින්ම බිහිවූ සත්වයන් ලෙස සැලකෙන්නේ මේ ජීවීනුයි. මේ සත්වයින් හා ශාක ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනිණ.
 
 
ආදීතම ජීවියා ලෝකයේ ආදීතම ජීවියා වසර බිලියන 3,100 ක් තරම් පැරණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන ඇත. ජීව විද්‍යාඥයින්ට උනන්දුවක් හා කුතුහලයක් ගෙනදුන් ගැටලූවක් වූ පෘථිවි ජීවයේ රහස සනාථ කිරීමට මෑත යුගයේ එක් විද්‍යාඥයෙක් සමත්විය. වර්ෂ 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් සේ සිතිය හැකි පොසිලයක් දකුණු අපි‍්‍රකාවෙන් සොයාගත් මොහු හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ එල්සෝ බර්ග්හුන් ය. මොහු මේ පොසිල බැක්ටීරියාව පරීක්ෂණයට ලක් කරන ලදී. එමගින් ලද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම බැක්ටීරියාව වසර මිලියන 3,100 ක් පමණ වන බවයි. එල්සෝ මෙන්ම අනෙක් විද්‍යාඥයන්ගේත් අදහස වන්නේත් මෙම බැක්ටීරියාව පොසිලයක් බවට පත්වුවත් එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බවයි.
 
 

 
 

No comments:

Post a Comment

Designed By Blogger Templates